අද සහ හෙට මුහුදු රළේ වෙනසක් – ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇගවීම්

25

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ අද සහ හෙට දිනයේ මීටර් 3ත්, 3.5ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, ධීවර හා නාවුක ප්‍රජාව ඒ පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඇතැම්විට මුහුදු රළ ගොඩබිම කරා පැමිණීමේ අවධානමක් ද පවතින බව කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය ප්‍රකාශ කළා.

Your Comments