අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය යථා තත්වයට

7

දුම්රිය සේවකයන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේ සියලුම කාර්යාල දුම්රියන් නියමිත වේලාවන්ට අනුව ධාවනය කරවීමට හැකියාවක් ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
සමස්ත දුම්රිය ධාවන කටයුතු අද පස්වරුව වන විට යථා තත්වයට පත්වනු ඇති බව ඔහු කියා සිටියා.

දුම්රිය සේවයේ ශ්‍රේණි විෂමතා ගැටලුව මුල් කරගනිමිනුයි දුම්රිය රියදුරු , පාලක , නියාමක , සහ ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණේ.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා.
දින 12ක් පුරා ක්‍රියාත්මක වූ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටියා.
දුම්රිය සේවකයන්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති මූල්‍යමය පාඩුව රුපියල් කෝටි 20කට අධික බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

Your Comments