අදීල් අමීස් ඉන්දීය අත්අඩංගුවේ සිටින IS සැකකරුවන් සමගත් සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වෙයි

48

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ බෝම්බකරුවන්ට තාක්ෂණික සහය ලබාදුන් බවට අත්අඩංගුවට ගෙන සිටින අදීල් අමීස් නමැත්තා ඉන්දීය අත්අඩංගුවේ පසුවන අයි.එස්. සැකකරුවන් තිදෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන 24 හැවිරිදි අදීල් අමීස් බි්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල කිහිපයක උසස් අධ්‍යාපනය හැදැරූ අයෙකු වන අතර ඔහු ආරක්ෂක අංශ විසින් පසුගිය අප්‍රේල් මස 25 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
සැකකරු 2015 සහ 2017 යන වසරවල දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එම සබඳතා පවත්වාගෙන ගොස් ඇති නමුත් වෙනත් ආකාරයකින් ඔවුන් අතර සබදතාවක් පැවතියේ ද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවයි ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ.

Your Comments