අද්මිරාල් කරන්නාගොඩ සහ මාර්ෂල් රොෂාන් ගුණතිලක නව තනතුරුවලට අභිෂේක ගැන්වීම අද

3

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන තනතුරුවලට අභිෂේක ගැන්වීම අද සිදු කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී එම උත්සවය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය මස 5 වනදා නිකුත් කෙරුණා.
ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සිදුකළ සේවය ඇගයීමක් වශයෙක් ඔවුන්ට මෙම තනතුර පිරිනමනු ලැබුවා.

Your Comments