අතුරුදන් වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනමක්

18

හෙරොයින් ජාවාරමට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති දැනට අතුරුදන් බවට පැවසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයාට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම අංශ වෙත දැනුම් දී ඇති බව සදහන්.
දැනට හෙරොයින් ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටිනවා.
කෙසේ වෙතත්, ඔවුන් 4 දෙනාට අමතරව චෝදනා එල්ල වී ඇති පොලිස් පරීක්ෂකවරයායි මේ වන විට අතුරුදන් වී ඇත්තේ.
ඔහු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

Your Comments