අතුරුදන් තරුණයාගේ සිරුර සොයා ගැනෙයි

47

කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දී අතුරුදන් තරුණයාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින්.

අවිස්සාවේල්ල කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දියේ ගිලී තරුණයෙකු අතුරුදන් වී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 12) නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දී තිබුනා.

ඒ අනුව නාවික හමුදාව, බටහිර නාවික විධානය‍ට අනුයුක්ත 05 දෙනෙකුගෙන් යුතු නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවුණා.

මෙහෙයුමේ දී අද උදෑසන දිය යට සැඟව තිබූ මෘත දේහය හමුව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හවිරිදි අයෙක්.

Your Comments