අත්‍යවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ කිසිවකව් වෙළෙඳපොළෙන් ඉවත්වී නෑ

41

අත්‍යවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ කිසිවක් වෙළඳපලෙන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.
අත්‍යවශ්‍ය ඖෂධ වෙළඳපලෙන් ඉවත්ව ඇති බවට පසුගිය දිනවල පුවත්පත් කිහිපයක පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙලෙස  පදනම් විරහිත තොරතුරු ඉදිරිපත් වීම හේතුවෙන් රෝගීන් බියට හා අපහසුතාවයට පත් වන බව ද හෙතෙම සඳහන් කළා.
මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 73ක මිල අඩු කිරීම හේතුවෙන් ඖෂධ පරිහරණය ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
 

Your Comments