අඩු ආදායම්ලාභී පවුල්වලට ලබාදෙන රැකියා ලක්ෂයේ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

124

අඩු ආදායම්ලාභී පවුල්වල රැකියා විරහිත පිරිස් වෙනුවෙන් රජයේ රැකියා ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට අදාල අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අඩු අදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18 ත් 40 ත් දක්වා පිරිස් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක බවයි.
ආපදා, හදිසි අවස්ථා වැනි කටයුතු වලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන මනා පුහුණුවක්ද මෙහිදී ලබාදෙන අතර , වසර 10 ක සතුටුදායී සේවා කාළයකින් අනතුරුව විශ්‍රාම වැටුප් සහිතව සේවයට ඇතුලත් කර ගැනීම සිදුවනු ඇති.
වඩා විනිවිදභාවයෙන් යුක්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම උදෙසා මේ වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් පත් කිරීම සිදුවන බවත් , ඊට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කිරීම නුදුරේදීම සිදුවන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
මෙම රැකියා සදහා පෙබරවාරි 15 වනදාට පෙර අයදුම් කළ යුතුයි.
මේ අතර අඩු ආදායම් ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයින්ට රජයේ ස්ථීර රැකියා ලබාදීමට අදාළ අයැදුම්පත් කැදවීම ආරම්භකර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු මෙම පිරිස රැකියා සදහා අනුයුක්ත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ

මේ අතර ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලා.
ඒ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

Your Comments