අච්චුවේලි ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලී තිදෙනෙකු රෝහලට

8

යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන් අද අලූයම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ තිදෙනා මේ වනවිට පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Your Comments