අගමැති රනිල් ආර්ථික සමුළුව ඇමතීම හෙට

19

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට ලෝක ආර්ථීක සමුලුව ඇමතීමට නියමිතව තිබෙනවා.
ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුලුව හැනෝයි නුවර ජාතික සම්මේලනයේදී ආරම්භ වුයේ ඊයේ දිනයේයි.
මෙවර සමුලුවේදී කලාපීය අනාගත ආර්ථීක පුරෝකථන, ප්‍රවණතා සහ අභියෝග පිළිබද අවධානය යොමු වනවා.
අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ආසියාන් සංවිධානයට අයත් රටවල සහ අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින් රැසක් සමුලුවට සහභාගී වන අතර එම නායකයින් කිහිපදෙනෙකු සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ජා කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා සමග 12 දෙනෙකුගෙන් යුතු ධුර පිරිසක් ද මෙම සංචාරය සඳහා එක්ව සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

Your Comments