අගමැති ධුරය නීති විරෝධී නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එජාපයට පුළුවන්

45

අග්‍රාමාත්‍ය ධුරය නීති විරෝධී නම් ඒ සඳහා නීතිමය ක්‍රීයාමාර්ග ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
හෙතෙම කියා සිටියේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව බහුතර බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවතින බවට තහවුරු කළ හැකි බවයි.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවේ බහුතර බලය පෙන්වා අගමැති විය හැකි බවට කිසිදු නීතියක් ව්‍යවස්ථවේ නොමැති බවයි.

 

Your Comments