අගමැති ධුරය අහිමි වු පසු ජනතාවගේ උද්යෝගය අඩු වුණා

64

ඔක්තෝබර් 26 දා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීම හේතුවෙන් ජනතාව අතර තිබූ උද්යෝගය තරමක් අඩුවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එසේ අඩුවූ උද්යෝගය නැවතත් ජනතාව තුළ ගොඩනගමින් පවතින බවයි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.
ඔක්තෝබර් 26 දා එක්වීමේදී ජනපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් ඉදිරි ජනපතිවරණයේදී ජයගත හැකි අපේක්ෂකයාට සහයෝගය දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Your Comments