අගමැතිට මාලදිවයිනේදී උණුසුම් පිළිගැනීමක්

11

තෙදින නිළ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මාලදිවයිනේදී උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබෙනවා.
මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරයා ඇතුලු ධූත පිරිස පිළිගනු ලැබුවේ එරට විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශාහීඞ් විසින්.
රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඞ් සෝලි අතර ද්විපාර්ශවික සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර ගිවිසුම් 4 කට අත්සන් තැබීමද එහිදී සිදුවනවා.
හෙට සහ අනිද්දා පැවැත්වෙන 4 වන ඉන්දීය සාගර සමුලුවේ සභාපතීත්වය හිමිවී ඇත්තේද රනිල් වික්‍රමසිංහ මහතාටයි.

Your Comments