අගමැතිගේ ඉල්ලීම විග්නේශ්වරන් ප්‍රතික්ෂේප කරයි
මාධව කුලසූරිය - වවුනියාව

15

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් විසදුම් ඉල්ලීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට සුදානම් කොට ඇති බැවින් අදාළ සියළු පක්ෂ එක්ව සිදුකරන සාකච්ජාවක් වෙනුවෙන් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවයි විග්නේෂ්වරන් මහතා කියා සිටියේ.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් කරුණු 13 කින් යුත= යෝජනාවලියක් සකස් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් කණ්ඩායම වශයෙන් පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පවසනවා.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව ජන්දය ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි. විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලියට පසුගියදා අත්සන් තැබුවා.

Your Comments