ජනතාව දේශපාලනික වෙනසක් සඳහා යොමු වූ හේතුව ඇමති සාගල හෙළිකරයි

 10/23/2017 - 20:59
51 reads

යුධමය වාතාවරණය අවසන් වීමත් සමග ජනතාව බලාපොරොත්තු වූ වෙනස නොලැබීම හේතුවෙන් ජනතාව දේශපාලනික වෙනසක් සඳහා යොමු වූ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතර - තිහගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙසද කියා සිටියා.

පොලිසියට බරපතල වගකීමක් තිබුණා ඒ වෙනස ඇති කිරීමට. ඒ මොකක්ද ඒ වගකීම, ඒදා යුද්ධ කරන්න සහය දීපු පොලිසිය වෙනස් වෙන්න තිබුණා ජනතාව සමග  ළං වෙලා වැඩ කරන පොලිසියක් විදිහට. මේක අපේ රටට පමණක් අලුත් දෙයක් නෙවෙයි. දියුණුම රටවල්වල පොලිසි ජනතාවට ලංවෙලා කටයුතු කරන වාතාවරණයක් අද ලෝකයේ තියෙනවා. වරදක් වෙනකම් ඉඳලා ඒ වරද කරපු කෙනා හොයලා එයාව හිරේ දාලා දඬුවම්දීලා ඒ තුළින් බය කරලා අපරාධ අඩු කරනවට වඩා ඒ අපරාදේ සිද්ධ වෙන්න කලින් පුළුවන් තරම් ප්‍රමාණයක් හරිමගට ගන්න තමයි කටයුතු කරන්න අපි මේ වැඩසටහන ගෙනියන්නේ. ප්‍රජා පොලිස් කටයුතු ආරම්භ කරලා අපි ටික ටික  ජනතාවට ළං වෙන්න පටන් අරන් තියෙනවා. ප්‍රශ්න සියල්ලම විසඳී නැහැ. ගොඩක් ඉදිරි ගමනක් තියෙනවා අපිට. තව ළං වෙන්න ඕනි.

 

news24.lk
News24
sri lanka news 24
24 news