කොළඹ ශාස්ත්‍ර පීඨය තවත් සතියක් වැසෙයි

 10/23/2017 - 13:49
13 reads

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තවත් සතියක පමණ කාලයක් වසා තැබීමට සිදු වනු ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.

පසුගිය අඟහරුවාදා දිනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දැමුණා.

නේවාසිකාගාරයේ ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වුණේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් පීඨ සභාව මඟින් පරික්ෂණයක් ද සිදු කළ අතර එහි  වාර්තාව මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා වෙත භාරදී තිබෙනවා.

කෙසේවෙතත් ශාස්ත්‍ර පීඨය යළි විවෘත කිරිමට හැකියාව පවතින බවට පීඨ සභාව මේ වන තෙක් දැනුම්දී නොමැති බවයි උපකුලපතිවරයා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Colombo
Faculty of art