භූගත නලය පුපුරා යාමෙන් පැය 12ක ජල කප්පාදුවක් - දැඩි රථවාහන තදබදයක්

 10/20/2017 - 10:52
172 reads

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත ප්‍රදේශයේ ජල නලයක් පුපුරා යාම හේතුවෙන් අද පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් ඒ අවට ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ  ඒ අනුව, කිරිබත්ගොඩ, පුෂ්පාරාම මාර්ගය, ගනේමුල්ල මාර්ගය, රාගම පාර, ගෝනහේන මාර්ගය සහ කඩවත නගරයේ ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.
කඩවත ප්‍රදේශයේ දී  දී අද උදාසන  භූගත ජල නලය පුපුරා ගියා.
භූගත ජල නලය පුපුරා යාමෙන් කොළඹ-නුවර  ප්‍රධාන මාර්ගයට  ස්ථාන දෙකක දී   හානි සිදුව තිබෙනවා.
එක් ස්ථානයක අඩි පහක පමණ වළක් සෑදී තිබෙනවා.
ඒ හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවුණා.
බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මාර්ගය පිළිසකර කරමින් පවතිනවා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද  හටගෙන තිබෙනවා.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Water
Kadawatha