අද මධ්‍යම රාත්‍රියේ සිට යළි දුම්රිය වර්ජනයක්

 10/20/2017 - 08:31
48 reads

පැවති සාකච්ඡා අසාර්ථක වූයේ නම් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් නොකර වෘත්තිය සමිති කියාමාර්ගයකට අවතීර්ණ වීම පිළිගත නොහැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජී.එස් විතානගේ මහතා සඳහන් කළේ  මීට පෙර පැවති සාකච්ඡාවලදී වෘත්තිය සමිති නියෝජිතයන් විසඳුම්වලට එකඟ වී පිටව ගිය බවයි.

කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රියේ සිට යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි දුම්රිය සේවකයන් ඊයේ පස්වරුවේ සඳහන් කළේ.

ඒ, පසුගිය දා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවට අනුව එකඟ වූ වැටුප් දීමනාම මෙම මස වැටුපට එක් නොකිරීම හේතුවෙන්.

ඒ අනුව, දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක් වන බවයි දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Train
strike