දීපවාලි සැමරීමට ගිය තරුණයින් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අතුරුදහන්

 10/18/2017 - 18:37
11 reads

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අද(18) සවස අතුරුදහන්ව ඇති බව මුලතිව් මූලස්ථාන පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ දීපවාලි නිවාඩුව වෙනුවෙන් මුලතිව් මුහුදේ දියනෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බවයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදාව, පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් ඊට ප්‍රදේශවාසීන්ද සහභාගිව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
ඡායාරූව - මාධව කුලසූරිය - වවුනියාව

 

news24.lk
News24
sri lanka news 24
24 news