නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ වෑන් රථයකට බණ්ඩාරගමදී වෙඩි

 10/18/2017 - 13:09
50 reads

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයකට පොලීසිය  බණ්ඩාරගම , මාරාවේ ප්‍රදේශයේදී වෙඩිතබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අණ නොතකා ධාවනය වූ වෑන් රථයේ සිටි සැකකරුවන් වෙඩිතැබීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.

පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් තිබෙනවා.

රථයේ සිටි ගවයකු සමග ටී 56 ගිනි අවියක් ද, තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම සැකකරුවන් දමා ගිය පාවහන් යුගළ 4ක් ද පොලිසිය සොයාගෙන ඇති අතර, ඒ අනුව වෑන් රථයේ පුද්ගලයින් සිව් දෙනකු සිටින්නට ඇති බවටයි පොලීසිය සැක පලකරනනේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news