පුරන් වූ කුඹුරු ආශ්‍රිත මී උණ පැතිරීමේ අවධානමක්

 10/18/2017 - 07:04
11 reads

පුරන් වූ කුඹුරු ආශ්‍රිතව මී උණ බෝවීමේ ප්‍රවනතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

විශේෂයෙන් මේ වන විට උතුර මැද පළාත ආශ්‍රිතව මී උණ රෝගී තත්ත්වය පැතිර යන බව සඳහන්.

පුරන් කුඹුරුවල යළි වගාකටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද උතුර මැද  පළාත තුළ මේ වන විට ක්‍රියාත්මකයි.

පුරන් කුඹුරුවල සිටින මීයන් මෙන්ම වෙනත් විෂගෝර සර්පයන් මෙන්ම විවිධ සතුන්ගේ මල අපද්‍රව්‍ය කෙරෙහි විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news