පළාත් පාලන මැතිවරණ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන්නැයි ඉල්ලීමක්

 10/17/2017 - 13:51
54 reads

පලාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය මෙම සතිය තුළ දී නිකුත් කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කටයුතු කරන ලෙස නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.

නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙන්නේ විවිධ තර්ක මතුකරමින් තවදුරටත් මැතිවරණය කල්දැමීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණා.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව සඳහන්.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, කැෆේ, පැෆරල් ඇතුළු සංවිධාන 06ක නියෝජිතයින් ඊට සහභාගි වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව NEWS 24 වෙත අදහස් දැක්වූ  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ

මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් ඉඟි මතුවන බවත් විවිධ කාරණ මතුවෙමින් පවතින බවත්ය. ප්‍රධාන වශයෙන්ම පුදුකුඩිඉරිප්පු මුහුදුබඩපත්තු පළාත් පාලන ආයතන වසර හයකට අධික කාලයක් කල් ගිහින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුවෙමින් තිබෙනවා. එසේම නුවරඑළිය විශාල භූගෝලීය ප්‍රමාණ්‍යක් සහ විශාල ජනගහනයක් සහිත ප්‍රදේශයක්. එම නිසා පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයකට කැඩීමට සිදුවනවා. එහෙත් එම කරුණු මත පදනම්ව මැතිවරණය කල් දැමීමට සූදානම් වනවා නම් සීමා නිර්ණ ගැසට් පත්‍රය පමා වනවා නම් ඒ පිළිබඳව අපගේ විරෝධය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරනවා. එසේම අප අවධාරණය කරනවා විෂය භාර අමාත්‍යවරයා වෙත මෙම සතිය ඇතුළත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන්න. මැතිවරණ කොමිසමට මැතිවරණයට පැවැත්විය හැක්කේ එසේ වුවහොත් පමණක් බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මේ අතර පලාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news