දරුයවන් පාසලේද සහ නිවසේදී දැඩි පීඩනයකට මුහුණ දෙන හේතුව අධ්‍යාපන ඇමති හෙළිකරයි

 10/17/2017 - 08:12
43 reads

විෂය නිර්දේශවල පවතින සංකීර්ණතාවය හේතුවෙන් දරුවන් පාසලේදී මෙන්ම නිවසේ දී ද දැඩි පීඩනයකට මුහුණ දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
බොහෝ විෂයන්වල අඩංගු කරුණු සිසුන්ට දරාගත නොහැකි මට්ටමේ පවතින බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිසු මනසට ගැලපෙන පරිදි විෂය නිර්දේශ සම්පාදනය කිරීමට තමන් බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි .
ජීවිතයට සාර්ථකව මුහුණදිය හැකි සමබර පෞර්ෂත්වයකින් යුත් දරුවෙකු බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික පරමාර්ථය බව ද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news