කළ වරදට සමාවන්න - පිටිදූවේ සිරිධම්ම හිමි සංඝ සභාවේදී සමාව ගනී - (වීඩියෝ)

 10/15/2017 - 19:59
16813 reads

ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු මහා විහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් සමාව ගෙන තිබෙනවා.
මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් කියා සිටියේ ඕනෑම අවස්ථාවක සමාව ගැනීමට තමන් සූදානම් බවයි. NEWS24 වාර්තාකරු කියා සිටියේ එහිදී වාචිකව මෙන්ම ලිඛිතවද සමාව ගත් බවයි. තවදුරටත් මෙවන් අත්තනෝමතික කටයුතු සිදු නොකර ධර්මය පමණක් තම දේශනාවලින් පවත්වාගෙන ඉදිරි කටයුතු සිදු කරන ලෙසටද දන්වා තිබෙනවා. ඊට පූර්ණ එකඟතාවය දක්වා තිබෙනවා. කොළඹ විද්‍යෝදය පරිවේණාධිපති බළන්ගොඩ ශ්‍රී සොභිතාභිධාන නායන ස්ථවිරයන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ, දිවියාගහ ශ්‍රී යසස්ස්‍යභිධාන නායක ස්ථවිරයන් වහන්සේ සහ කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත යන නායක හිමිවරුන්ගේ උපදෙස් ලබාගෙන මහාවිහාරයීය සම්ප්‍රදායන් අනුව කටයුතු කිරීමට පොරොන්දු වී ඇති බවයි සංඝ සභාව මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

news24.lk
News24
sri lanka news 24
24 news