ලෝක සෞඛ්‍ය සමුළුව අද සිට බර්ලින් නුවරදී

 10/15/2017 - 13:59
3 reads

ලෝක සෞඛ්‍ය සමුළුව ජර්මනියේ - බර්ලින් නුවරදී අද ආරම්භ වනවා.
අනිද්දා දින දක්වා එය පැවැත්වෙන අතර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා රටවල් 90ක නියෝජිතයන් 1600 දෙනෙකු පමණ සහභාගී වනු ඇති.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සමුළුවට සහභාගී වන අතර බෝ නොවන රෝග පාලනය සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා සමුළුව අමතා දේශනයක් පවත්වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර ලබන 18 වැනිදා සිට 20 වන දින දක්වා උරුගුවේ හි මොන්ටිවීඩියෝ අගනුවර පැවැත්වෙන බෝ නොවන රෝග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සමුළුවට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news
World Health Summit