වෙනස් කළ නිදහස් පක්ෂ සංවිධායක වරුන්ගේ ලැයිස්තුව මෙන්න

 10/13/2017 - 18:27
385 reads

හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණමඩුව ආසනයේ නව සංවිධායකවරයා ලෙස හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පත් කර තිබෙනවා.

එසේම රත්තොට ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක වෙනුවට ඔහුගේ පුත් චින්තන ඒකනායක පත් කර ඇති බවයි නිදහස් පක්ෂය සඳහන් කළේ.

පසුගියදා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මාතලේ ආසනය සදහා පත් කර ඇත්තේ උජිත් අනුරාධයි.

මීට අමතරව ගාල්ල, කෑගල්ල, පුත්තලම, වන්නි, මඩකලපුව, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා ද නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කර ඇති බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ කිහිපයක් සඳහා බල ප්‍රදේශ සංවිධායකවරුන් සහ සම සංවිධායකවරුන් ද මෙහිදී පත් කර තිබීම විශේෂත්වයක්. 

මේ අතර අකුරැස්ස නිදහස් පක්ෂ සංවිධායක ලෙස මනෝජ් සිරිසේන පත් කර තිබෙනවා.

කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරු ද අසන සංවිධායක ධුරවලින් ඉවත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සම්පුර්ණ ලැයිස්තුව පහත දැක්වෙනවා.

 

 

 

 

 

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news