ප්‍රියංකර ජයරත්න ආණමඩුවෙන් ගලවයි

 10/13/2017 - 15:33
172 reads

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව ආසන සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කිරීමේදී හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කරනු ලැබුවා.

කුමාර වෙල්ගම සහ  මහින්දානන්ද අලු‍ත්ගමගේ යන මහත්වරුන්ගේ ආසන සංවිධායක ධූර ද අහෝසි කිරීමට කටයුතු කළ බවටයි වාර්තා වුණේ.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments