කොළඹ කොටුව අධිකරණ භුමියේ වෙඩි තැබීමක් - බන්ධනාගාර නිලධාරියෙකුට තුවාල

 10/13/2017 - 11:12
134 reads

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියමු  යුක්රේන ජාතික යුවළක් අද වෙනත් නඩුවක් සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙනවිත් තිබෙනවා.
එහිදී සැකකාර යුක්රේන ජාතික පිරිමි පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහගෙන තිබුනා.
එහිදී බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඇති අතර එය එල්ලවී ඇත්තේ තවත් බන්ධනාගාර නිලධාරියෙකුටයි.
එයින් එම නිලධාරිගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගතකර තිබෙනවා.
පැනයාමට උත්සාහගත් සැකකරු අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගෙන ඇති බව NEWS24 අධිකරණ වාර්තාකරු සඳහන් කළා.
යුක්රේන ජාතික යුවළ අධිකරණයට ඉදිරිපත්කිරීමට රැගෙනවිත් ඇත්තේ ව්‍යාජ ගමන්බලපත්‍ර සිද්ධියක් සම්බන්ධයෙන්.

news24.lk
News24
sri lanka news 24
24 news