උතුරේ අද හර්තාල්

 10/13/2017 - 08:50
215 reads

දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද (13) උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසන්නේ දෙමළ ජාතික සන්ධානය, විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය ඇතුළු  දේශපාලන සංවිධාන 19ක්, සිවිල් සංවිධාන 50ක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළකරන බවයි.

වවුනියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල  වෙළඳ සැල් වසා දමා තිබෙනවා.
හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත පුරා ධාවන කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්ව ඇති බවයි පැවසෙන්නේ.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙනවා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද, පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසනවා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි හෙතෙම සඳහන් කරන්නේ.
(වවුනියාව - මාධව කුලසූරිය)

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Harthal
North

Comments