මහින්දානන්ද සහ වෙල්ගම සංවිධායක ධුරවලින් ඉවත් කරයි

 10/13/2017 - 06:36
129 reads

මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ඊයේ  කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්  අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව සංවිධායකවරු පත් කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය  ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්. ඒ. රණසිං මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක ධුරයෙන් කුමාර වෙල්ගම මහතා ඉවත් කර ඇත්තේ එම ධුරය  හිටපු ඇමැති සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මියට ලබා දෙමින්.
 
නව සංවිධායකවරු ඊයේ  රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Kumara Welgama
Mahindananda Aluthgamage
SLFP