පක්ෂ සංවිධායකවරයෙකුගේ අල්මාරියෙන් මතු වූ ගිනි අවිය සහ උණ්ඩ

 10/12/2017 - 21:05
91 reads

ගිනි අවියක් සහ ජීව උණ්ඩ 8ක් සමග ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ සඟවා තිබියදී ගිනි අවිය සහ උණ්ඩ හමුව ඇති බවයි පැවසෙන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරු  හිටපු හමුදා සෙබළෙකු බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.

සැකකරු තවත් ගිනි අවියක් රුපියල් ලක්ෂ 3කට පමණ අලෙවි කර ඇති බවට ද තොරතුරු පවතින බව කියැවෙයි.

දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙක් ද වන බව කියන සැකකරු  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments