අන්තරේ 'භික්‍ෂු' සහ 'ශිෂ්‍ය' කැඳවුම්කරුවන් රක්‍ෂිත බන්ධනාගාරයට

 10/12/2017 - 19:45
46 reads

අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඇප කොන්දේසි කඩ කරමින් පෙරේදා, කොල්ලු‍පිටියේ පැවති සිසු විරෝධතාවට සහභාගීවීම හේතුවෙන්.

2015 වසරේ මාර්තු මාසයේ පැවති සිසු උද්ඝෝෂණයකට සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments