තරුණයෙකුට පහරදුන් පොලිස් අධිකාරීට ස්ථාන මාරුවක්

 10/12/2017 - 19:30
95 reads

තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මාතරට මාරුකර යවා තිබෙනවා.

ඒ, පසුගිය දා හම්බන්තොට පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව අතරතුර තරුණයෙකුට පහරදුන් බව කියන සිද්ධිය හේතුවෙන්.

පොලිස් කොමිසම ලබාදුන් නියෝගයකට අනුව එම ස්ථාන මාරුකිරීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news