දුම්රිය වර්ජනය අවසන්

 10/12/2017 - 18:53
91 reads

වර්ජනය තාවකාලිකව අවසන් කළ  බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු පවසනවා.

ඒ, සති දෙකකින් විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා පොරොන්දුවීමත් සමගයි.

එංජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රීයේ වර්ජනය ආරම්භ කළා.

වර්ජනයේ නිරත රියදුරන්, නියාමකවරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර අද පස්වරුවේ  සාකච්ඡාවක්  පැවැත්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ සති දෙකකින් විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පොරොන්දුවක් ලබාදුන් බවයි.

මේ අතර අදාළ සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබුන හොත් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කර තිබුණේ.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන ඇති  මගීන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මගීන්ට සිදුව ඇති අපහසුතාවය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒකාබද්ධව ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Train
Stike

Comments