ඇඟළුම් කර්මාන්තශාලාවක ආහාර විෂවීමක් - හැට හත්දෙනුකු රෝහලේ

 10/12/2017 - 16:33
9 reads

මහනුවර - තලාතුඔය - හාරගම ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ආහාර විෂවීමක් හේතුවෙන් සේවක සේවිකාවන් 67 දෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසු වමනය සහ ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් මොවුන් රෝහල් ගතකර ඇති බවයි NEWS 24 වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments