මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට දින නියම වේ

 10/12/2017 - 16:23
979 reads

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ලබන 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.

ඒ ඊට අදාල නඩුව මහාධිකරණ විනිසුරු නිශ්ශංක සම්පත් විජේරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 412 කට අධික මුදල් සහ දේපල අයතා ලෙස උපයා ගත් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments