ෆා ඊස්ටන් බැංකුවේ මූල්‍ය වංචාව ගැන සොයන්න තායිවාන නිලධාරීන් තිදෙනෙක් දිවයිනට

 10/12/2017 - 14:01
8 reads

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන්, රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකට අයතා ලෙස මුදල් ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා සහය

දැක්වීමට තායිවාන් බැංකු නිලධාරියෙකු සහ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ එම පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බවයි.

ඩොලර් මිලියන 1යි දශම 1 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ සහ ජේ. සී. නම්මුනි යන මහත්වරුන් ලබන 25 වන දා දක්වා

ඊයේ දිනයේ දී රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news