පොලොන්නරුවේදී කැබ් රථයක වන අලියෙකු ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

 10/12/2017 - 11:13
633 reads

පොලොන්නරුව, සිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී කැබ් රථයක වන අලියෙකු ගැටීම හේතුවෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති අතර එම කැබ්රථයේ  පුද්ගලයින් 05දෙනෙකු සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කැබ් රථයේ රියදුරු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments