ගුරුවරු 3000කට ස්ථාන මාරුවීම්

 10/12/2017 - 07:59
220 reads

දිවයිනේ ජාතික පාසල්වල වසර 10 කට වැඩි කාලයක් එකම පාසලක සේවය කළ ගුරුවරුන් 12,000 ක් අතරින් 3000 කට ස්ථාන මාරැවිම් ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් නියෝගයකට අනුවයි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ.

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අදාළව ගුරුවරුන් සදහා ස්ථානමාරු ලබාදිම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ඒ අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්තිවලට අදාළව ඉගැන්විම සිදුකරන ගුරුවරුන් 3000කගේ ස්ථාන මාරු අද සිට ක්‍රියාත්මක කරනු ඇති.

දෙවැනි අදියර 2018 වසරේ ජනවාරියේ දි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර එහිදී පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගුරුවරුන් 9000 කට ස්ථාන මාරු ලබාදිමට නියමිතයි.

මේ අතර, විද්‍යාපීඨ සඳහා බඳවාගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා පැවසුවේ මෙවර සිසුන් 4,775 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news