අත්අඩංගුවට ගත් රත්තොට පොලිස් ස්ථනාධිපතිවරයා අද අධිකරණයට

 10/12/2017 - 07:54
128 reads

අත්අඩංගුවට ගත් මාතලේ රත්තොට පොලිස් ස්ථනාධිපතිවරයා අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සැකකරු ඊයේ රාත්‍රී පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ග්‍රාම නිලධාරීවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක ට අදාළවයි.

රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාට මෙම චෝදනාව එල්ලවී ඇත්තේ ඔහු මහනුවර උඩුදුම්බර පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසට කටයුතු කරන සමයේදීයි.

පසුගිය අප්‍රේල් 9 වනදා සහ ඊට පෙර දිනකදී 34 හැවිරිදි දෙදරු මවක් වන ග්‍රාම නිලධාරීවරියකට මෙලෙස අතවර කරන ලදැයි පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම සිද්ධියෙන් කාලයකට පසු පැමිණිල්ල සිදුකර ඇත්තේ සැකකාර පොලිස් නිලධාරීවරයාගෙන් ග්‍රාම නිලධාරීවරියට මරණීය තර්ජන එල්ලවීම හේතුවෙන් බව ද සඳහන්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news