කරුවලගස්වැව වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

 10/12/2017 - 07:01
469 reads

පුත්තලම - තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්මත්තේ වනාන්තරය තුළ සිදුවූ වෙඩි තැබුමකින් පුද්ගලයින්  දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 2.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව - සියඹලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 සහ 31 වියේ පසු වූ දෙදෙනෙක්.

සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයමක් දැව කැපීම සදහා තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්සමත්තට ගොස් සිට ඇති ඇත එම අවස්ථාවේදී  කිසියම් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයින් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහල වෙත රැගෙන එන විටත් ඔවුන් මිය ගොස් සිට ඇති බව සඳහන්.

සතුන් දඩයම් කිරීම සදහා වනාන්තරයට ඇතුළු වූ අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.

වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට අනාවරණ වී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news