ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයට දුම්රිය රියදුරු සංගමය තීරණය කරයි

 10/12/2017 - 05:32
138 reads

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.

එංජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ පස්වරුවේ මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

අදාල වර්ජනය සඳහා දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ද සිය සහය පළ කර තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (11) රාත්‍රී කාලයේ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් අවලංගු කෙරුණු අතර ඒ හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

කෙසේ වෙතත් මෙතෙක් සිය ගැටලු සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් සිය වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හලාවත, පොල්ගහවෙල, මහනුවර, මහව, කොස්ගම, පාදුක්ක ආදී දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පියවර ගත් බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news