නළයක පිපිරීමක් - පන්නිපිටියට ජලය නෑ

 10/11/2017 - 17:38
87 reads

පන්නිපිටිය සහ ඒ අවට ප්‍රදේශ රැසකට ජල සැපුයම මේ වන විට නැවතී තිබෙනවා. ඒ එම ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන පද්ධතියේ නළයක් පුපුරා යාම හේතුවෙන් බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ අදාළ බිඳ වැටීම අද (11) රාත්‍රී 7 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවත් මේ වන විටත් නඩත්තු කටයුතු ආරම්භ කර ඇති බවත්ය.

news24.lk
News24
sri lanka news 24
24 news