වත්කම් ගැන බොරු කිව්වොත් ගහන දඩය ලක්‍ෂයක් දක්වා ඉහළ යයි

 10/11/2017 - 16:09
4 reads

නියමිත පරිදි වත්කම හා බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම හෝ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සඳහා පනවා තිබු දඩය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේ දී නියම කෙරෙන රුපියල් 1000 කට නොවැඩි දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති.
නව සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ.
1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට අදාළ වන තැනැත්තෙකුට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා ද එමඟින් විධිවිධාන සලසනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments