ගැහැණු දරුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

 10/11/2017 - 13:06
43 reads

ගැහැණු දරුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ “අර්බුදයේදී මෙන්ම අර්බුදයට පෙර සහ පසු ගැහැණු දරුවන් බල ගන්වමු” යන්නයි.

සෑම වසරක ඔක්තෝබර් 11 වන දා ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2012 වසරේ දීයි.

මෙරට වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 2.26 ක්.

මේ අතර, ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය සමරමින් අද පෙරවරුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රය අසලින් පාගමනක් ආරම්භ වුණා.

ගැහැණු දරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුළ තවදුරටත්  ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවයි අයිතීන් උදෙසා වූ කාන්තාවෝ සංවිධානයේ සම සභාපති සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news