නියෝග නොතකා උමා ඔය විරෝධය ඇරඹේ

 10/11/2017 - 13:00
53 reads

“උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ” අද දින පවත්වනු ලබන්නේ හුදෙක් දේශපාලන වුවමනාව මත පදනම් වූ විරෝධතාවක් පමණක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත්, ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ ජනතාවට නිසි විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ හේතුවෙන් වාරණ නියෝග නොතකමින් අද පෙරවරුවේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල මහ රෝහල අසලින් අරගලය ආරම්භ කළ බව හෙතෙම වැඩිදුරත් සඳහන් කළා.

කෙසේ වෙතත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වාදෙන්නේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදී ඇති බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියදී මෙවන් විරෝධතා පැවැත්වීම ගැටළු සහගත බවයි.

අද දින විරෝධතාකරුවන් විසින් උමා ඔය ව්‍යාපෘති කාර්යාලය හෝ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ ඌව පළාත් සභාව වැටලීමට සූදානම් බවට වූ තොරතුරක් මත බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news