අමාත්‍ය කබීර් හසීම් සහ මලිත් සමරවික්‍රම අද ජනාධිපති කොමිසම හමුවට

 10/11/2017 - 08:02
3 reads

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම්  සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම යන මහත්වරුන් අද බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

අමාත්‍යවරුන්ට කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ දින සිතාසි නිකුත් කරනු ලැබුවා.

බැඳුම්කර නිකුතුවට පෙර මහ බැංකුවේ පැවති රැස්වීමකට විෂයපතට අදාළ නොවුන ද ඔවුන් දෙදෙනාම සහභාගී බවට බැඳුම්කර කොමිසමේදී අනාවරණ වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news