අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ෆින්ලන්ත අග්‍රාමාත්‍ය අතර හමුවක්

 10/10/2017 - 20:40
12 reads

ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එරට අග්‍රාමාත්‍ය යුහා සිපිලා අතර හමුවක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙරට සම්මුතිවාදී ජාතික ආණ්ඩුව සිදු කරන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එහිදි දෙරට අග්‍රාමාත්‍යවරුන් අතර මාධ්‍ය හමුවක් ද පවත්වා තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය, පුණර්ජනනිීය බලශක්ති උත්පාදනය, තොරතුරු සන්නිවේදනය ආදී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

මෙරට සිදු කෙරෙන ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳ ෆින්ලන්ත අත්දැකීම් උපයෝගි කර ගැනීම පිළිබඳව ද, සාකච්ඡා පවත්වා තිබෙනවා.

එමෙන්ම ලබන වසරේ දී මෙරට සංචාරයක නිරත වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත අරාධනාවක් ද සිදු කර ඇති බවයි අග්‍රමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments