තෙල්දෙණියේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට

 10/10/2017 - 11:11
52 reads

මහනුවර තෙල්දෙණිය ගෝනවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් එහි රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියේ ගැටුණු කාර් රථය අසල සිටි කාන්තාවන් දෙදෙනෙකු ද යට කරමින් තාප්පයක ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ කාන්තාවන් දෙදෙනා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
කාර් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news