රුපියල් මිලියන 30ක අයථා මුදල් ගනුදෙනුව ගැන මන්ත්‍රී නාමල්ට එරෙනි නඩු විභාගය අද

 10/10/2017 - 08:50
171 reads

රුපියල් මිලියන 30කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.
අයථා ලෙස උපයා ගත් මෙම මුදල් ගවර්ස් කොපරේෂන් නැමති පෞද්ගලික සමාගමකට යෙදවීම සම්බන්ධයෙනුයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු 6 දෙනෙකුට චෝදනා එල්ල වන්නේ.
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරණායක යන අයට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news